WhatsApp හා Instagram ගිණුම් මිලියන ගණනකට හදිසියේම සිදුවූ දේ
ඉරාන පොලිස් අත්අඩංගුවේ සිටිය දී කුර්දි ජාතික කාන්තාවක් මියයාමේ සිද්ධියෙන් අනතුරුව ඉරානයේ උද්ගත වූ විරෝධතාවලට ප්‍රතිචාරයක් ලෙස අන්තර්ජාලයට සහ සමාජ මාධ්‍ය වෙතට ප්‍රවේශ වීමට එරට රජය විසින් බාධා එල්ල කර ඇති බවට ඉරාන ජනතාව තම කනස්සල්ල ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
BBC පුවත් සේවය NetBlocks නම් අන්තර්ජාල නිරීක්ෂණ කණ්ඩායම උපුටා දක්වමින් පවසන්නේ, ඉරානය සාමාන්‍යයෙන් තම වැසියන්ට ප්‍රවේශ වීමට ඉඩ සලසාලන ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා දෙකක් වන Instagram සහ WhatsApp වෙත ප්‍රවේශ වීම මේ වන විට සීමා කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් WhatsApp ආයතනය පවසන්නේ කඩිනමින් ඉරාන පරිශීලකයින් සම්බන්ධ කර ගැනීමටයි යනුවෙන් ද එම පුවත් සේවය වාර්තා කරනවා Meta සමාගම සතු Instagram සහ WhatsApp යන මෙම සමාජ මාධ්‍ය වේදිකා දෙක ආශ්‍රිතව මිලියන ගණනක් ඉරාන පරිශීලකයින් සිටින අතර, ඉරාන බලධාරීන් විසින් Facebook සහ Twitter සමාජ මාධ්‍ය වේදිකා අවහිර කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව Instagram සහ WhatsAppවල ජනප්‍රියතාව ඉරානය තුළ වැඩි වී තිබෙනවා.
NetBlocks වාර්තාවලට අනුව බ්‍රහස්පතින්දා රාත්‍රියේ අන්තර්ජාලය වෙත ප්‍රවේශ වීමේ හැකියාව අර්ධ වශයෙන් වූ නමුත් සිකුරාදා(23) වන විට එය "ජාතික පරිමාණයේ සම්බන්ධතා නැතිවීමකට" ලක් වූ බව සඳහන් වනවා. මෙම තත්ත්වය සම්බන්ධයෙන් Instagramහි ප්‍රධානී ඇඩම් මොසෙරි ට්විටර් පණිවිඩයක් සටහන් කරමින් කියා සිටියේ,
" ඉරාන ජනතාවට තම සමාජ මාධ්‍ය සබැඳි හා සම්බන්ධ වීමට ඇති හැකියාව අඩාල කර ඇති බවත්, එම වේදිකා වෙත ප්‍රවේශ වීමට ඔවුන්ට ඇති අයිතිවාසිකම කඩිනමින් තහවුරු කරන බවයි."
මේ අතර ඉරාන Meta පරිශීලකයන් විසින් විසින් චෝදනා කරන්නේ, තම සබඳතා විසන්ධි වී ඇති බවයි. මේ අතර Meta සමාගම සතු පර්සියානු භාෂාව පිළිබඳ දැනුමැති සමාලෝචකයින් කණ්ඩායමක් විසින්, තම කොන්දේසි, ආචාර ධර්ම සහ ප්‍රජා ප්‍රමිතීන් උල්ලංගණය වන ආකාරයට සිදුවන අන්තර්ගතයන් ඉවත් කිරීමට කටයුතු කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. උල්ලංඝනය කරන අන්තර්ගතයන් දෙස බලා ඉවත් කරයි. මේ අතර ඉරාන වැසියන්ට VPN හෝ ප්‍රොක්සි භාවිතයෙන් පවා WhatsApp ගිණුම් වෙත ප්‍රවේශ වීමට නො හැකි බව ද වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |