ශ්‍රී ලංකාවේ ISIS ත්‍රස්තයින් ගැන තවත් තොරතුරු රැසක් එළියට. - පාස්කු ලිස්ට් එකෙත් නම් තිබ්බලු. - (VIDEO)
ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ මෙරට පුද්ගලයින් සිටීදැයි සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් ඒ ප්‍රකාශ කළා.
ඒ, අද (26) කඩුවෙල පැවති වෙසක් උත්සවයකට එක්වෙමින්.
මේ අතර ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්රස්තවාදීන් සිව්දෙනාට සම්බන්ධ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.
ඒ අනුව සැකකරුගේ රූපරාමු කිහිපයක් සහ ඡායාරූපයක් ද පොලීසිය අද (25) මාධ්‍යයට නිකුත් කරනු ලැබුවා.
ඔහු 46 හැවිරිදි ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නම් එම සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අඩි 05යි අඟල් 06ක් පමණ උස පුද්ගලයෙකි.
එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාගේ 071-8591753 දුරකථන අංකයට හෝ එහි ස්ථානාධිපතිවරයාගේ 071-8591774 අංකයට දැනුම් දෙන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ විස්සක ත්‍යාග මුදලක් පිරිනමන අතර තොරතුරු ලබා දෙන්නාගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවද පොලිස් මූලස්ථානය පවසනවා.
එමෙන්ම ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයා කම්කරු (නාට්ටාමි) රැකියාවේ නිරත අයෙක් බවද පොලීසිය කියා සිටියා.
පසුගියදා මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙවන් පසුබිමක පසුගිය 23 වනදා විදෙස්ගත වීමට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණ 34 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එහි රඳවා ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී ප්‍රශ්න කර ඇත.
ඒ ඔහු ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සිව්දෙනාගෙන් එක් ත්රස්තයකු සමග පිරිස ඉන්දියාවට පිටව යාමට පෙර දින දුරකථනයෙන් කතාබහ කර ඇති බව හා සමීප සබඳතා පවත්වා ඇති බව අනාවරණ වීමත් සමඟිනි.
ඒ අනුව අදාළ පුද්ගලයාට යළිත් එළැඹෙන සඳුදා කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ ද පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙ
ඒ, අනුව එම සිව්දෙනා අන්තවාදීන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති හෙයින් ඔවුන්ව පුනුරුත්ථාපනය සඳහා යොමුකරන ලෙස එමගින් නිර්දේශ කර ඇත.
එමෙන්ම මේ වනවිට ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය භාරයේ රඳවා ප්‍රශ්න කරන ත්රස්තයින්ගේ සහ ISIS සංවිධානයේ අනුගාමිකයින් මෙරට තුළ සිටින්නේදැයි තහවුරු කරගැනීමට විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
කෙසේවෙතත්, ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, පාස්කු කොමිසමේ වාර්තාවෙන් අවධානය යොමුකළ යුතු නාමලේඛනයක් ඉදිරිපත් කර තිබුණත් එම පිරිස සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අවධානයෙන් නොසිට ඇති බවයි.
ඉන්දියාවේදී ත්‍රස්තයින් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ වනවිට යළිත් ඒ පිළිබඳ අවධානය යොමුවී ඇති අතර පාස්කු කොමිසමේ නම් ඇතුළත් පිරිස සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්නැයි පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.