දවසින් දවස ඉහළ යන උද්ධමනය

Sri Lanka Inflation Latest Headlines Inflation Sinhala news Breaking News
By Shehan Jun 23, 2025 11:12 AM GMT
Report

 ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 වර්ෂයේ මැයි මාසයේ ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 

ඒ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව බව සඳහන් වේ.

මෙම අග‍ය 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී වාර්තා වූ යේ -0.8%ක් වශයෙනි.

තවද අප්‍රේල් මාසයේ දී 2.9 % ක් වශයෙන් වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ දී 5.9%ක් තෙක් වැඩි වී තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම අප්‍රේල් මාසයේ දී -3.7 %ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ දී -3.4% ක් දක්වා වර්ධනය වී ඇති බව ද සඳහන්.