ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට.. (විදෙස්)

Indonesia
By krishani Nov 22, 2022 10:09 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ඉන්දුනීසියාවේ බටහිර ජාවා හි සියන්ජුර් නගරයට බලපෑ රිච්ටර් මාපක 5.6 ක් වූ ප්‍රභල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 252 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ව්‍යසනය හේතුවෙන් තවමත් පුද්ගලයින් තිස් එක් දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් මීට අමතරව තවත් පුද්ගලයින් 377 දෙනෙකු තුවාල ලබා ඇති අතර අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 7,060 දක්වා ඉහළ ගොස් ඇති බවත් සියන්ජුර් ප්‍රාදේශීය පාලනය නිකුත් කල ට්විටර් පණිවිඩයක දැක් වේ.

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා අතිරේක හමුදා ඛණ්ඩ කැඳවීමටත් ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join