300 කට පමණ මරු කැදවූ බිහිසුණු ඉන්දීය දුම්රිය අනතුරට හේතුව හෙළිවෙයි..!(VIDEO)
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ලොවම කම්පා කරවූ ඔඩිෂා දුම්රිය අනතුරට හේතුව මේ වනවිට විමර්ශකයින් විසින් අනාවරණය කරගෙන ඇති බවයි.
අදාළ වාර්තා පෙන්වා දෙන්නේ, ඉන්දීය දුම්රිය ඇමති අශ්වින් වෙයිශ්නව් මහතා උපුටා දක්වමින් දුම්රිය ආරක්ෂක කොමසාරිස්වරයා විසින් අනතුර සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ලබා දී ඇති බවය.
ඉන්දීය දුම්රිය ඇමති අශ්වින් වෙයිශ්නව් මහතා විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ, එසේම අදාළ අනතුර සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.
අදාල වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම අවාසනාවන්ත දුම්රිය අනතුර සිදුවීමට "දුම්රිය ධාවනය සඳහා සංඥා නිකුත් කෙරෙන විද්‍යුත් අගුළු දැමීමේ පද්ධතියේ සිදුවූ දෝෂයක්" හේතුවී ඇති බවට හඳුනාගෙන ඇති බවය.
පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවූ මෙම අවාසනාවන්ත දුම්රිය අනතුරින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 288ක් දක්වා ඉහළගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එසේම දුම්රිය අනතුර හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 1000ඉක්මවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |