ඉන්දීය නෞකාවේ ඉන්ධන කාන්දුවට වන්දි මුදලක් ලබාදීමට එකඟ වේ.
කොළඹ වරායේ නැංගුරම්ලා තිබිය දී ඉන්ධන කාන්දුවක් සිදුවූ නෞකාව සිය භාරයට ගෙන ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසීය .අදාළ නෞකාවෙන් සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් එම නෞකාව අයත් සමාගමට සහ රක්ෂණ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර රුපියල් මිලියන 15ක වන්දියක් ගෙවීමට නියම කර ඇති බවද සඳහන්වේ.
අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගියදා කොළඹ වරායට පැමිණි ඉන්දීය සමාගමකට අයත් නෞකාවකින් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට තොරුතුරු වාර්තා වූ අතර ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමේදී හයිඩ්‍රොලික් තෙල් කාන්දුවීමක් නෞකාවෙන් සිදුවී ඇති බවට අනාවරණය වී තිබේ.
එම නෞකාව අයත් සමාගම ද අදාළ වරද පිළිගෙන ඇති අතර ඒ සඳහා වන්දි මුදලක් ලබාදීමට එකඟතාව පළකර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මේ අතර කොළඹ වරාය පොලීසිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව එම ඉන්දීය නෞකාවේ කපිතාන්වරයාට රටින් පිටුවීම වළක්වාලමින් ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගන්නා ලදි.