ඉන්දියාවේ ආරක්ෂාව හදිසියේම තර කෙරේ..!පොලිස් නිලධාරීන් ලක්ෂය ඉක්ම වූ පිරිසක් - CCTV 5000ක්..

India
By Sewvandhi Sep 08, 2023 11:39 AM GMT
Report

හෙට සහ අනිද්දා දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දි 2023 G20 සමුළුව පැවැත්වෙයි . විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ අනුව දිල්ලි අගනුවර ආරක්ෂාව තර කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි.

ඉන්දියාව, චීනය , මහා බ්‍රිතාන්‍ය , අමෙරිකාව, රුසියාව ඇතුළු රටවල් 19කින් සහ යුරෝපා සංගමයෙන් ද G20 කණ්ඩායම සමන්විත වෙයි. ගෝලීය ආර්ථිකය ඇතුළු කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් එය ක්‍රියාත්මක වනවා.

එහි 2023 සමුළුව මෙවර පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දී ය. IMF හි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය මෙන්ම රාජ්‍ය නායකයින් රැසක් මේ වනවිටත් ඉන්දියාව වෙත ළඟා වී ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, සමුළුව පැවැත්වෙන ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ආරක්ෂාව තර කර ඇති බවයි. ඊට සමගාමීව නව දිල්ලි අගනුවර පාසල් , බැංකු සහ රජයේ කාර්යාල වසා දමා ඇති අතර විශේෂිත ආරක්ෂණ වැඩ පිළිවෙළක් ද ස්ථාපනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නව දිල්ලි අගනුවර නව මාර්ග නීති අද උදෑසන 5 සිට ඉරිදා මධ්‍යම රාත්‍රීය තෙක් බලපැවැත්වෙන බවයි. කෙසේ වුව ද ගිලන් රථ ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා යොදා ගැනෙන රථ වාහන වලට එම කටයුතු වල නියැලීමේ අවස්ථාව ලබා දී තිබේ

. එමෙන්ම නව දිල්ලි අගනුවර ආරක්ෂාව වෙනුවෙන් ප්‍රහාරක ජෙට් යානා ද යොදවා ඇති බව සඳහන්ව ඇත. G20 සමුළුව වෙනුවෙන් බලාත්මක කර ඇති විශේෂිත ආරක්ෂක වැඩ පිළිවෙළට සමගාමීව නව දිල්ලි අගනුවර සහ අසල්වැසි ප්‍රාන්ත අතර සීමා තාවකාලිකව වසා දමා තිබේ.

අගනුවර ආරක්ෂාවට පොලිස් නිලධාරීන් ලක්ෂය ඉක්ම වූ පිරිසක් යොදවා ඇති අතර CCTV කැමරා 5,000 ක් පමණ නගරය පුරා ස්ථාපනය කර ඇතැයි  වාර්තා වෙයි. එමෙන්ම ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය ආශ්‍රයෙන් නිපද වූ විශේෂිත කැමරා ද යොදා ගෙන තිබීම විශේෂත්වයකි. 

සැප්තැම්බර් අග දක්වා වැසි - දින දෙකක් සාපේක්ෂව වැඩි වැසි - අලුත්ම නිවේදනය..

සැප්තැම්බර් අග දක්වා වැසි - දින දෙකක් සාපේක්ෂව වැඩි වැසි - අලුත්ම නිවේදනය..