ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි දිවයිනට පැමිණෙයි

India Latest Headlines Sinhala news Puwath.lk Colombo politics heat up
By R.rishma Aug 05, 2026 08:26 AM GMT
Report

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා එක්දින නිල සංචාරයක් සඳහා අද (05) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් පිළිගෙන ඇත.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

මෙම නිල සංචාරය හරහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමත්, දෙරට අතර ප්‍රමුඛ සහයෝගීතා ක්ෂේත්‍රවල ප්‍රගතිය වේගවත් කිරීමත් අපේක්ෂා කෙරේ.