ඉන්දීය සුප්‍රකට නළුවා අත්අඩංගුවට ..!

India Accident
By Sewvandhi Oct 01, 2023 01:32 PM GMT
Report

ඉන්දියාවේ කන්නඩ චිත්‍රපට නළුවක් වන නාගභූෂන් විසින් අධික වේගයෙන් පදවාගෙන ගිය මෝටර් රථයක ගැටී කාන්තාවක් මිය යෑම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30) වනදා රාත්‍රියේ වසන්තපුර ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි, විදෙස් මාධ්‍ය පැවසුවේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මිය ගිය කාන්තාව සහ ඇයගේ සැමියා මාර්ගයේ ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි මොටර් රථය ඔවුන්ගේ ගැටී පසුව මාර්ගය ආසන්නයේ තිබූ විදුලි කණුවක ද ගැටී ඇති බවයි.

මියගිය කාන්තාවගේ සැමියා ද අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන් වේ.