ජනපති රනිල් හදිසියේම විශේෂ පිරිසක් හමුවී කළ සාකච්ඡාව

Ranil Wickremesinghe Sri Lanka India
By Sithumi Nov 02, 2023 03:42 PM GMT
Report

 ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු ඉන්දීය දූත පිරිස මීට සුළු මොහොතකට පෙර කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.

එමෙන්ම එම පිරිස සම ද්වීපාර්ශ්වික සාකච්ඡාවල ද නිරත වුණා.

මේ අතර, අද (02) කොටගල, මවුන්ට් වර්නන් වතුයායේ දී ඉන්දීය නිවාස 10,000ක වැඩසටහන සඳහා මුල්ගල තැබීම සිදු කෙරිණ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාවේ ගරු මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ය.

කෙසේ වෙතත්, එහිදී ඉන්දීය සම්භවයේ ‘නාම් 200’ - 200 වැනි සංවත්සරය ද පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.