ඉන්දියාව හෙට සිට චීන පුරවැසියන්ට සංචාරක වීසා නිකුත් කිරීම යළි ඇරඹේ
                                    
                    China
                
                                                
                    India
                
                                                
                    Latest Headlines
                
                                                
                    Sinhala news
                
                                                
                    Puwath.lk
                
                        
        
            
                
                By Shehan
            
            
                
                
            
        
    ඉන්දියාව 2025 ජුලි 24 වැනිදා සිට චීන පුරවැසියන් සඳහා සංචාරක වීසා නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත.
2020 වසරේදී කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සහ 2020 ජුනි මාසයේ ගැල්වාන් ගැටුම හේතුවෙන් ඉන්දියාව හා චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා පිරිහීම නිසා ඉන්දියාව චීන පුරවැසියන් සඳහා සංචාරක වීසා අත්හිටුවීය.
වසර 5කට පසු, හෙට (24) සිට චීන පුරවැසියන්ට සංචාරක වීසා නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනයේ ඉන්දීය තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, චීන පුරවැසියන්ට මාර්ගගත අයදුම්පත්‍රයක් මගින් සංචාරක වීසා ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.
 
                 
                 
                                             
        
     
     
     
     
    