තවත් භයානක සංවේදි පුවත් ඉන්දියාවෙන් වාර්තාවෙයි..
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරව සිටි තවත් කුඩා දැරියක් මියගොස් තිබෙනවා.
පසුගිය අඟහරුවාදා පස්වරුවේ වයස අවුරුදු දෙකහමාරක් වු කුඩා දැරියක් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මුන්ගාවලී ප්‍රදේශයේ අඩි 300ක් පමණ ගැඹුරින් යුත් ළිං කුහරයකට ඇද වැටී ඇති අතර දැරිය මුදා ගැනීම සඳහා පැය 52කට අධික කාලයක් මෙහෙයුම් සිදුකර තිබු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (08) පස්වරුවේ දැරිය ලිං කුහරයෙන් ගොඩ ගෙන රෝහල් ගත කිරීමට පියවර ගතකර තිබුන ද ඒ වන විටත් ඇය මිය ගොස් තිබූ බව වාර්තා වුණා.
භාවිතයට ගැනීමෙන් පසු නිසි පරිදි වසා නොදැමීම හේතුවෙන් අනාරක්ෂිත ලෙස පවතින මෙවැනි ලිං කුහර තුළට ඇද වැටී කුඩා දරුවන් මියයෑමේ සිදුවීම් ඉන්දියාවෙන් බහුලව වාර්තා වනවා.
ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ2009 වසරේ සිට මේ දක්වා එවැනි සිදුවීම් 40ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර මුදාගැනීම සඳහා සිදුකළ මෙහෙයුම් වලින් සියයට 70ක්ම අසාර්ථක වී ඇති බවයි.