ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගිවිසුම අත්සන් තැබේ
මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්. සිරිවර්ධන මහතා අද (10) ඉන්දීය EXIM බැංකුව සමග ඩොලර් ණය මාර්ගයක් ලබාගැනීමේ ගිවිසුමකට අත්සන් තැබීය.
එම ගිවිසුම සඳහා ඉන්දීය රජය වෙනුවෙන් ඉන්දීය EXIM බැංකුවේ සාමාන්‍යධිකාරී නිර්මිත් නරේන්ද්‍ර වෙඩ් අත්සන් තබා තිබේ. යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් ක්ෂණික යූරියා පොහොර ඉල්ලුම සපුරාලීම සඳහා මෙට්‍රික් ටොන් 65,000 ක යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් ණය පහසුකම් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55ක ඩොලර් ණය මාර්ගයක් පිරිනැමීමට ඉන්දීය රජය එකඟ විය.
ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද සහාභගී විය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද ඊට එක් විය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උග්‍ර හිඟයකට රට මුහුණ දී සිටින බැවින් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම තම ප්‍රමුඛතාවය බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |