ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දියාවත් ග්‍රීසියත් අතර සහයෝගිතා ගිවිසුමක්...
India
Greece
World
By Aruna
ග්‍රීසියේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩිමිස්ට්‍රියෝස් හූපීස් ලබන සතියේ ඉන්දීය සංචාරයකට පැමිණීමට බලාපොරොත්තු වන බව වාර්තා වනවා.
එහිදී දෙරට අතර ආරක්ෂක සබදතා තර කර ගැනීමේ අරමුණින් ඉතිහාසයේ පළමු වරට ග්‍රීසිය සහ ඉන්දියාව අතර හමුදා සහයෝගිතා වැඩසටහනකට අත්සන් තබනු ඇති.
යුධ , නාවික හා ගුවන් හමුදා අංශ තුනෙන් ම පිරිස් මෙන් ම විශේෂ බලකායන සමග අභ්‍යාස සහ ඒකාබද්ධ ක්‍රියාකාරකම් මෙම ආරක්ෂක වැඩසටහනේ ඇතුළත් වන බව වාර්තා වේ .
විදෙස් මාධ්‍ය පවසන්නේ එහි මුල් පියවරක් ලෙස දැනටමත් දෙරටේ හමුදා කාර්යමණ්ඩලය පුර්ණ ඒකාබද්ධ පුහුණු වැඩසටහනක් දියත් කර ඇති බවයි.
ඉන්දියාවත් ග්‍රීසියත් ඉදිරියේ දී ඒකාබද්ධ ජාත්‍යාන්තර යුධ අභ්‍යාස සදහා සහභාගී වීමට ද සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.