ඉන්දියාව දැඩි අර්බුදයක..

India Air Pollution
By Sewvandhi Nov 06, 2023 11:07 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතරතුර ඉන්දියාවේ වායු දූෂණය ඉහළ ගොස් ඇති බවයි.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මෙලෙස වායු දූෂණය කැපී පෙනෙන ලෙස ඉහළගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

 එම වාර්තා සඳහන් කළේ, මේ වනවිට වායුගෝලයේ පවතින අහිතකර අංශු මට්ටම පැවතිය යුතු අගය මෙන් පන්සීය ගුණයක් ඉක්මවා ඇති බවයි.

ඉන්දියාවේ නවදිල්ලි අගනගරය අවස්ථා රැසකදී ලොව වඩාත් ඉහළම වායු දූෂණයක් ඇති නගර අතරට එක්වුණි. මේ වනවිට නවදිල්ලියේ වායු දූෂණ මට්ටම කැපී පෙනෙන අගයකින් ඉහළගොස් ඇත්තේ එහි ජන ජීවිතයට දැඩි බාධා එල්ල කරමිනි.

මේ වනවිට එහි වායුගෝලයේ පවතින අහිතකර අංශු මට්ටම පැවතිය යුතු අගය මෙන්ගු පන්සීය ගුණයක් ඉක්මවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කළේ.ඒ අනුව අගනුවර පිහිටි ප්‍රාථමික පාසල් සියල්ල 10 වනදා දක්වා වසා දැමීමට දිල්ලි බලධාරීන් පියවර ගෙන ඇත.

සෑම වසරකම පාහේ මෙම කාලය වනවිට නවදිල්ලි අගනුවර වායු දූෂණ මට්ටම කැපී පෙනෙන ලෙස ඉහළ යයි. දිල්ලි ආසන්න පන්ජාබ් සහ හර්යානා වැනි ප්‍රාන්තවල අස්වනු නෙලීමෙන් පසු ඒවායේ පිදුරු දහනය ඇතුළු කරුණු කිහිපයක් මෙම තත්ත්වයට හේතුවන බවයි වාර්තා වෙයි. කෙසේ නමුත් එම කටයුතු පාලනයට තවමත් ඉන්දියාවට හැකියාවක් නොලැබීම විශේෂත්වයකි.