අවධානම් තත්ත්වයක් හේතුවෙන් පවුල් 600ක් ඉවත් කරයි..

Government Of India India
By krishani Jan 07, 2023 07:39 AM GMT
Report

ඉන්දියාවේ - උත්තරකාන්ද් ප්‍රදේශයේ ජෝෂිමාත් නගරය ගිලාබැසීමේ අවදානම හේතුවෙන් පවුල් 600 ක පිරිසක් වහාම ඉවත් කරන ලෙස උත්තරාකාන්ද් ප්‍රධාන අමාත්‍යවරයා බලධාරීන්ට දැනුම් දී ඇත.

ඊයේ (06) දිනය වනවිටත් පවුල් 50 ක පිරිසක් ඉවත් කිරීමට ගලවාගැනීමේ හමුදාව කටයුතු කර ඇත.

ජොෂිමාත් නගරයේ වසරකට වැඩි කාලයක් පුරා ගොඩනැගිලි සහ නිවාස ඉරිතැලීම් වාර්තාවෙමින් තිබූ අතර ගත වූ දින 15 තුළ එය වර්ධනය වී ඇත.

එමෙන්ම එම නගරයේ සිදු කෙරෙන සියලුම සංවර්ධන ව්‍යාපෘති නතර කිරීමට ද නියෝග ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න..

Join