ඉන්දීය ධීවරයන්ට අපේ සීමාවට එන්න බලපත්‍ර දීමක් ගැන සකච්ඡාවක්
ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් සිදුව ඇති බව “ද හින්දු” පුවත්පත වාර්තා කරනවා.
ඒ අනුව ඊට විසඳුමක් ලෙස ඉන්දියාව යෝජනා කර ඇති බලපත්‍ර ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බවයි අලි සබ්‍රි මහතා එහිදී ප්‍රකාශ කර ඇති බවයි එම වෙබ් අඩවිය පවසන්නේ. එසේම සෑම දිනකම ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 2,000ත් 3,000ත් අතර ප්‍රමාණයක් මෙරට මුහුදු සීමාවට පැමිණෙන අතර එය පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකියාවක් නොමැති බවත් සබ්‍රි මහතා එහිදී ප්‍රකාශ කර ඇති බවයි “ද හින්දු” පුවත්පත වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ.
එසේම, මෙරට මුහුදු සීමාවට ඉන්දීය ධීවරයන් ඇතුළු වීමට බලපත්‍ර ලබා දීමට රජය ගන්නා උත්සාහයට උතුරේ ධීවරයන් විරෝධය දක්වා ඇති බවද සඳහන්. ඒ අනුව මෙම පියවර ඔවුන්ගේ වසර 15 කට ආසන්න කාලයක් තිස්සේ පැවති අරගලයට “බරපතල පසුබෑමක්” බවට උතුරේ ධීවර සමිති සාමාජිකයෙකු “ද හින්දු” පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.
ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් මෙම ප්‍රශ්නය යොදා ගනිමින් දෙරටේ ධීවරයන් එකිනෙකාට එරෙහි කරවීමට උත්සාහ කරන බවත්, ඊට කඩිනම් විසඳුමක් අවශ්‍ය බවත් ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. එසේම ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම සඳහා බලපත්‍ර ලබා දීමට ගෙන ඇති සූදානම සම්බන්ධයෙන් උතුරේ දේශපාලන පක්ෂ විසින් ද සිය විරෝධය පළ කර ඇති බව සඳහන්. S