තමිල්න්නනාඩුවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු දේ මෙන්න..

By Sithumi Apr 08, 2022 05:25 PM GMT
Report

දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය සලකා බලමින් ශ්‍රී ලංකාවට සහල්, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යැවීමට තමිල්නාඩුව සූදානම් යැයි එම ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලිං පවසා ඇත. ඔහු මේ බව ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට දැනුම් දී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට යැවීමට සූදානම් යැයි ද තමිල්නාඩු ප්‍රාන්ත මහ අමාත්‍යවරයා පවසා ඇත. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අමතා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ තත්ත්වය සම්බන්ධයෙන් විමසා ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් දෙමළ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ද ඒ සම්බන්ධයෙන් තමන් සැලකිලිමත් වන බව ද ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත. මානුෂීය කරුණු පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවට සහල්, ධාන්‍ය වර්ග සහ ඖෂධ යැවීමට සූදානම් බව ද තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා, ඉන්දීය විදේශ අමාත්‍යවරයාට දැනුම් දී තිබේ