සෙස් බද්ද නිසා පාසල් උපකරණ මිල වැඩි වෙනවා නම් රජය කරන්න යන දේ මෙන්න.

Ranjith Siyambalapitiya
By Wayomi Nov 18, 2022 07:52 AM GMT
Report

සෙස් බදු සංශෝධනය කිරීම නිසා අත්‍යවශ්‍ය පාසල් උපකරණවල මිල වැඩි වෙනවා නම් එය වෙනස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද (18) පාර්ලිමේන්තුවේදීයි.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

“සෙස් බද්ද වෙනස් කිරීම නිසා පාසල් උපකරණවල මිල වැඩිවීමක් ගැන. ඒ පිළිබඳ විශේෂ සොයා බැලීමක් සිදු කරනවා. යම් හෙයකින් අපේ රටේ ආදේශන ආනයනයක් හෝ තියෙන සෙස් බද්දක් නිසා පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වෙනවා නම් අපි එක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW