රාජ්‍ය සේවකයන්ට සුභම සුභ ආරංචියක් - සම්පූර්ණයෙන්ම වැටුපට එකතු කරන්න යයි..!

Ranjith Siyambalapitiya Government Employee Ministry of Finance Sri Lanka Sri Lanka Government
By Sewvandhi Mar 25, 2024 12:40 PM GMT
Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ, රජයේ සේවකයින්ගේ වැඩිකළ වැටුප එළඹෙන අප්‍රේල් මස 10 වනදාට පෙර ලබාදීමට කටයුතු කරන බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

"රජයේ සේවකයින්ට වැටුප් රුපියල් 10,000 කින් වැඩිකළා. අපි 5,000 ගෙවාගෙන ආවා. දැන් 10,000ම අප්‍රේල් වැටුපට එකතුකරලා දෙනවා. මේක අපි අප්‍රේල් මාසයේ 10 වනදාට පෙර වැටුප සහ විශ්‍රාම වැටුප ලබාදීමට සූදානම්."