මියෙක් එළවන්න ගිහින් බාල සොයුරාගේ පණ යයි.

Sri Lanka Police Death
By Wayomi Feb 19, 2024 08:10 AM GMT
Report

බහින් බස්වීමක් දුරදිග යන අතරතුරදි එක් වරම ක්ලාන්ත වී ඇද වැටුණු පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, බත්තරමුල්ල තලංගම දකුණ පදිංචි එගොඩවත්ත ආරච්චිගේ අනුර කිත්සිරි නමැති (59) හැවිරිදි විශ්‍රාමික ගණකාධිකාරීවරයෙක්.

එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වාසය කරන නිවසකට ඇතුළු වූ මීයෙකු සම්බන්ධයෙන් දෙදෙනා අතර වූ බහින් බස්වීමක් දුරදිග යන අතරතුරදි එක් වරම ක්ලාන්ත වී බාල සහෝදරයා බිම ඇද වැටී තිබෙනවා.

අනතුරුව ඔහුව ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇති බවයි තලංගම පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන අතර වැඩිමහල් සහෝදරයා අවිවාහකව එකම නිවසේ වාසය කරන අතර අද (19) දා උදෑසන දියණියන් දෙදෙනා සහ බිරිද පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා නිවසින් බැහැරට ගිය අවස්ථාවේදී නිවසේ රැඳී සිට ඇත්තේ මෙම සහෝදරයන් දෙදෙනා පමණක් බව ද සඳහන්.