කව්රුත් පුදුම කරමින් අමුතුම ඇඳුමකින් අධිකරණයට ආ ඉම්රාන් ඛාන්..

Pakistan Imran Khan
By Sewvandhi Apr 06, 2023 08:03 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණය මඟින් පනවා තිබූ නඩු තුනකට පෙනී සිටීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉම්රාන් ඛාන් විශේෂ ආරක්ෂාවක් යටතේ වෙඩි නොවඳින ලෙස හිස පවා ආවරණය කරගෙන අධිකරණයට පැමිණීම විශේෂත්වයක් වුණි.

තම ජීවිතයට ඇති තර්ජනය සලකා අධිකරණයට පෙනී සිටීමෙන් නිදහස් කරන ලෙස ඉම්රාන් ඛාන් ඉල්ලා සිටියත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළේය.

ඔහු මෙසේ සැරසී අධිකරණයට පැමිණියේ ඉන් පසුවය. ගිනි තැබීම, පොලිසියට එරෙහි ප්‍රචණ්ඩත්වය, පොලිස් අත්අඩංගුවේ සිටියදී සිලී ෂාහ්ගේ ඝාතන සිදුවීමට අදාළව සිදුවූ විනාශකාරී ක්‍රියාවලියට සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ට එරෙහි නඩු තුනෙන් ඔහුට ඇප ලබා දීමට අධිකරණය තීන්දු කර තිබේ. ලබන අප්‍රේල් 13 වැනිදා දක්වා අදාළ ඇප වලංගුය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now