හිටපු අගමැතිට මාධ්‍ය තහනමක්..

By Sithumi Nov 06, 2022 01:04 PM GMT
Report

පාෆ්කිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් රූපවාහිනි මාධ්‍යයේ විකාශය නොකිරීමට තීරණය කර තිබේන අතර ඒ ඔහුගේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින්.

යම් විද්‍යුත් මාධ්‍ය ආයතනයක් එය නොතකා ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ විකාශය කළහොත් අදාළ මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අවලංගු කිරීමටත් එමගින් සිදුවේ.

පසුගිය සිකුරාදා පැවැති රැලියක් අතරතුර පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සාහසික වෙඩි ප්‍රහාරයකට ලක්වුණ අතර වෙඩි තැබීම වත්මන් අගමැති ෂෙබාස් ෂරීෆ් ගේ අනුදැනුම මත සිදුවූ බවට ඉම්රාන් ඛාන් ඊයේ (05) රෝහලේ සිට චෝදනා කර තිබේ.

ඉම්රාන් ඛාන්ට වෙඩි තැබීමේ සිදුවීමට තමන්ගේ කිසිදු සම්බන්ධයෙන් නොමැති බවයි කෙසෙවෙතත් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් අවධාරණය කළේ.