ඉම්රාන් ඛාන්ට මාධ්‍ය තහනම් වෙයි - මාධ්‍ය ආයතන එය නොතකා ක්‍රියා කළහොත් වෙන දේ ගැන ගත් තීරණය..

Pakistan Imran Khan
By krishani Nov 06, 2022 07:32 AM GMT
Report

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සාහසික වෙඩි ප්‍රහාරයකට ලක්වුයේ පසුගිය සිකුරාදා පැවැති රැලියක් අතරතුර දී ය.

වෙඩි තැබීම වත්මන් අගමැති ෂෙබාස් ෂරීෆ් ගේ අනුදැනුම මත සිදුවූ බවට ඉම්රාන් ඛාන් ඊයේ (05) රෝහලේ සිට චෝදනා කළේ ය.

කෙසේවෙතත් පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් රූපවාහිනි මාධ්‍යයේ විකාශය නොකිරීමට පාකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනය තීරණය කර ඇත.

ඒ ඔහුගේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පවසමින් ය.

යම් විද්‍යුත් මාධ්‍ය ආයතනයක් එය නොතකා ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ විකාශය කළහොත් අදාළ මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අවලංගු කිරීමට එමගින් තීරණය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join