ලංකාව ගැන IMF ගත් තීරනය මෙන්න..

srilanka Internasinal laon
By Sithumi Mar 25, 2022 04:03 PM GMT
Report

ශ්‍රී ලංකාව පිළිබඳ සිය කාර්යය මණ්ඩල වාර්තාව අද (25) ප්‍රකාශයට පත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා.

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ ඊට අදාළ වත්මන් වාතාවරණය පිළිබඳ සොයා බැලීමට ද පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලැබූ කොරියානු ජාතික චන්ග්‍යොන්ග් රී (Changyong Rhee) ද මෙරටට පැමිණියා. එහිදී එම ජ්‍යේෂ්ඨ නිලධාරියා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද හමු වී සාකච්ඡා කළා.

එම සංචාරයේ දීයි, ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික වියවුල්කාරී තත්ත්වය පිළිබඳ අදාළ වාර්තාවක් සැකසීමට තීරණය කෙරුණේ. ඒ අනුව ජාත්‍යන්තර අරමුදල විසින් අදාළ වාර්තාව අද දිනයේ දී ඉදිරිපත් කෙරෙන අතර, නුදුරු දිනක දී මුදල් අමාත්‍ය බැසිල් රාජපෂ මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ සෙසු අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෝජනා කෙරෙන යෝජනාවලිය ද රැගෙන අමරිකාවේ වොෂින්ටන් ඩී.සී හි අයි. එම්. එෆ්. මූල්‍ය අරමුදල වෙත යාමට නියමිතයි.