ලංකාව ගොඩ ගන්න අවසන් තුරුම්බුවත් ගසයි..රටේ සියලු ප්‍රශ්න විසදෙයි?..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය එකඟ වී තිබෙනවා.
මෙරට ආර්ථිකය මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සොයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නුදුරු දිනකදී අමරිකාවේ - වොෂින්ටන් ඩී.සී වෙත යෑමට නියමිත බවයි පසුගියදා මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.
මෙවැනි තත්ත්වයක් තිබියදී ඊයේ (14) දිනයේ දී මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ චැන්යොං - රී, මුදල් අමාත්‍යවරයා සහ භාණ්ඩාගර ලේකම් එස්.ආර්.ආටිගල හමුවී සාකච්ඡා කෙරුණු අතර, දැනට ලක් රජය මෑතකාලීන ව අත්පත් කරගත් ආර්ථික සාර්ථකත්වය ගැන ද කතාබහට ලක් කෙරුණා.
මේ අතර අද (15) දිනයේ දී මෙම ඉහළ පෙළේ නිලධාරියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
ඔහු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල ද මුණගැසී ඇති බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේ.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අද (15) ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා හමුවීමට නියමිතයි.
අදාළ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා රජය ගෙන ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ව සාකච්ඡා කිරීමට යෝජිත බවත්, මෙරටට එල්ල වී ඇති ආර්ථික වියවුල්කාරී තත්ත්වය හමුවේ මෙම ක්‍රියාවලිය පිළිබඳ ලක් රජය ගෙන ඇති යෝජනාවලිය අඩංගු වාර්තාව ද මුදල් අමාත්‍යවරයා අයි. එම්.එෆ්. වෙත රැගෙන යාමට නියමිතයි.
කෙසේවෙතත්,මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයා අයි.එම්.එෆ් වෙත සහභාගී වන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සංවාදයට බඳුන් නොවන අතර, ආර්ථික විසඳුම් අපේක්ෂාවෙන් විශේෂඥ සහාය ලබා ගැනීම උදෙසා පමණක් සිදු කෙරෙන සංචාරයක් පමණක් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |