ලංකාවටම සතුටු හිතෙන සුබ ආරංචියක් මෙන්න..

IMF Sri Lanka Dollars Latest Headlines Decision Making
By krishani Mar 21, 2024 02:41 PM GMT
Report

ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීර්ණ ණය පහසුකමේ වැඩසටහන හා සම්බන්ධ දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ ය.

ලංකාවටම සතුටු හිතෙන සුබ ආරංචියක් මෙන්න.. | Imf Second Review

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 මාර්තු මාසයේ දී විස්තීර්ණ ණය පහසුකම අනුමත කළේ ය.

එමගින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක් අනුමත විය.

මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනාධිකාරිය සහ විධායක මණ්ඩලය මගින් ඉදිරියේ දී අනුමත කළ යුතු වේ.

කෙසේ වෙතත්, විධායක මණ්ඩල එකඟතාවය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 337කට හිමිකම් ලැබෙයි.

එය විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වාරිකය වෙයි.