ශ්‍රී ලංකාව ගැන IMF වාර්තාවට මහ බැංකුවෙන් පිළිතුරු..! නිවේදනය මෙතනින්..

Sri Lanka world bank Central bank Economic crisis IMF report Article IV
By Sewvandhi Mar 26, 2022 07:32 AM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහ බැංකුව පෙන්වාදෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබාදී ඇති නිර්දේශ කිහිපයක් මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය Article iv වාර්තාව ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සිදුකළ අධ්‍යයනයකින් අනතුරුව එම වාර්තාව නිකුත් කර තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිචාර දක්වමින් පෙන්වා දෙන්නේ අදාළ වාර්තාවේ සඳහන් පරිදි මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම, විනිමය අනුපාතිකය නම්‍යශීලීභාවයට ඉඩ දීම, විදේශ විනිමය වෙළඳපොළ ගනුදෙනු සඳහා ඇති සීමාවන් ඉවත් කිරීම ඇතුළු කරුණු රැසක් මේ වනවිටත් ක්‍රියාත්මක  කර ඇති බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීප සම්බන්ධතාවයක් අපේක්ෂා කරන බවට රජය පෙන්වාදීම සමග මහ බැංකුව ද එවැනි මැදිහත්වීමකට සහයෝගීව කටයුතු කිරීමට සූදානම් බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

අදාළ වාර්තාව පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery