ශ්‍රී ලංකාව ගැන තක්සේරු කරන්න IMF නිලධාරියෙක් එයි..

Sri Lanka Central bank IMF Ajith Nivad Gotabhaya Rajapksha
By Sewvandhi Mar 13, 2022 05:39 PM GMT
Report

ශ්‍රී ලංකාව පිළිබඳ වන තක්සේරුව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙරට පැමිණීමට නියමිතයි.

ඒ අනුව එම තක්සේරුව ලබාදීමට හෙට (14) දිනයේ දී එම නිලධාරියා මෙරටට පැමිණෙනු ඇති.

රට මුහුණ දී ඇති දැවැන්ත ඩොලර් අර්බුදයට විසඳුම් ලෙස සහ ඊට ගත යුතු ආර්ථික උපදෙස් ලබා ගැනීම පිණිස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එළඹෙන සතියේ දී අමරිකාවේ - වොෂින්ටනය වෙත බලා යාමට සූදානම් බවයි ආරංචි මාර්ග තහවුරු කළේ.

එහිදී ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ කළමනාකරණය පිළිබඳ ඉහළ පෙළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට ද නියමිතයි එවන් අවස්ථාවකදීයි හෙට දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරියෙකු තක්සේරුව පිළිබඳ දැනුවත් කිරීමට මෙරටට පැමිණෙන්නේ.

කෙසේවෙතත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මුදල් අරමුදල වෙත යන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නොවන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now