IMF එක ලංකාවට කරන්න යන දේ මෙන්න...
Sri lanka
Ali Sabri
IMF
Minister of Finance
Sri lankan sinhala news
Mr.Masahiro Nozaki
By Subodha
ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු නිරාකරණය කර ආර්ථිකය තිරසාර වර්ධන මාවතකට හැකි ඉක්මනින් ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇති වැඩසටහනක් සැලසුම් කළ යුතු බව IMF හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි (Masahiro Nozaki) පවසනවා.
පෙරේදා (18) දිනයේ දී මෙරට මුදල් අමාත්‍ය අලි සබ්‍රි ඇතුළු පිරිස හමුවීමෙන් අනතුරුවයි මේ බව අවධාරණය කෙරුණේ.
ඩොලර් හිඟතාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් වී ඇති අතර, ඒ නිසා රටට අවශ්‍ය තෙල්, විදුලිය ආදී බලශක්ති කටයුතු නිසි අයුරින් සැපයීමට ද ලක් රජය අපොහොසත් වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |