IMF නියෝජිත කණ්ඩායම ලබන සතියේ දිවයිනට

International Monetary Fund IMF Sri Lanka Economy of Sri Lanka Sinhala news Puwath.lk
By R.rishma Sep 04, 2026 03:10 AM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් එළැඹෙන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ සිදුකෙරෙන හත්වන සමාලෝචනය සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සැප්තැම්බර් 10 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය.

එම කාලය තුළ මෙරට මෑතකාලීන ආර්ථික වර්ධනයන්, ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන් මෙන්ම දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු සම්බන්ධයෙන්ද මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අපේක්ෂා කරයි.