IMF දෙවැනි ණය වාරිකය ගැන විශේෂ ප්‍රකාශයක්..!

Shehan Semasinghe Sri Lanka IMF Sri Lanka
By Sewvandhi Aug 17, 2023 02:55 PM GMT
Report

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරන්නේ,ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය ලැබීම තුළින් දේශීය හා විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථිකය පිළිබඳ සුබවාදී පණිවිඩයක් ලබා දෙනු ඇති බවයි.

 රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, දුෂණ මර්දනය, මූල්‍ය විනය පවත්වාගෙන යාම, විනිවිදභාවය ඇති කිරීම ඇතුළු මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන තිබීම ඊට හේතුව බවයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේය.

IMF අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 333ක මුදලක් ඉදිරියේ දී ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

මේ වන විට මෙරට ආර්ථිකය නිසි මාවතට අවතීර්ණ වී ඇති බව සඳහන් කළ ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා, ඉදිරියේ දී තවදුරටත් ජීවන වියදම පහළ බසින බවට අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

මේ අතර, බැංකු පොලී අනුපාතය ඉදිරියේ දී සියයට 09ට වඩා අඩු අගයකට ගෙන ඒමට ආණ්ඩුව පියවර ගන්නා බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා අවධාරණය කර ඇත.