ලංකාවට ලැබෙන IMF දෙවන වාරිකය ගැන විශේෂ පැහැදිලි කිරීමක්..!

Ranjith Siyambalapitiya Sri Lanka IMF Sri Lanka
By Sewvandhi Aug 12, 2023 09:47 AM GMT
Report

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරනු ලබන පළමු සමාලෝචනය සැප්තැම්බර් මසදී සිදුකිරීමට නියමිතය. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව සඳහන් කළා.

මෙම සමාලෝචනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබාගැනීමට හැකියාව පවතින බවයි, රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

"IMF සමග සමාලෝචනයක් තිබෙනවා..ප්‍රථම වතාවට සැප්තැම්බර් මාසයේදී. 11 පටන් අරගෙන 19 දක්වා දින 08ක්. මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, මුදල් අමාත්‍යතුමා සම්බන්ධ වෙලා කරන සමාලෝචනයක්."

"අපි සාර්ථකව මේ වැඩසටහනට මුහුණදීලා තියෙනවා. IMF වැඩසටහනත් සමග අපිට පූර්ව එකඟතා 09ක් තිබුණා. කලින් සිදුකළ යුතු. ඒ සියල්ල ක්‍රියාත්මක කළා. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න රජය කැපවුණා කියන කාරණය IMF දකිනවා."

"අපි මේ මූලික එකඟතා ඇති කරගත්තේ ඩොලර් බිලියන 2.9කට. 2027 වනතුරු වාරික 08කදී මේක ලැබෙන විදියට. දැන් අපි පළමු වාරිකය ගත්තා. දෙවන වාරිකය ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක්. මම විශ්වාස කරනවා සැප්තැම්බර් මාසයේ සමාලෝචනයෙන් පසු අපිට ඒක ලබාගන්න පුළුවන් කියලා."