IMF සහය වෙනවද..? තීරණය මෙන්න

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis IMF Sri Lanka
By Sithumi Jun 10, 2022 01:31 PM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සමග මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් ඇති කරගන්නා දිනයක් හෝ ලබාදෙන ණය ප්‍රමාණය පිළිබඳව දිනයක් ප්‍රකාශ කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂ ගෙරී රයිස් මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වනු ලබනා මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිසක් ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බවය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂ ගෙරී රයිස් මහතා.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් පුද්ගල මට්ටමේ හමුවක් සඳහා ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග තාක්ෂණික සාකච්ඡා මත ගොඩනැගුණු IMF ආධාර වැඩසටහන් පිළිබඳව ප්‍රතිපත්තිමය සාකච්ඡා සිදුකෙරෙනු ඇති. මාණ්ඩලික මට්ටමේ ගිවිසුමේ කාලසීමාව රඳාපවතින්නේ බලධාරීන් විසින් ඒ සඳහා යෝජනා කරනු ලබන ප්‍රතිපත්ති හා කැපවීමේ ශක්තිමත් බව මතයි.

ශ්‍රී ලංකාවේ ණය තිරසාර මට්ටමක නොපැවතීම හේතුවෙන් ණය තිරසාර භාවයටකට පත්කිරීම සඳහා අපගේ අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වනවා. ගෝලීය ආහාර අර්බුදය සහ බලශක්ති අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට එල්ලවන බලපෑම පිළිබඳව අපි අවධානයෙන් සිටිනවා. ඔබ දන්නවා අපිට හැකි ආකාරයෙන් මේ සම්බන්ධයෙන් උපකාර කිරීමට කැපවී සිටිනවා.නමුත් අප විසින් මේ සඳහා යොමුකරන මූල්‍ය ශක්තිය, හැකියාව සහ කාලය පිළිබඳව සාකච්ඡා කිරීමට තවමත් කල් වැඩියි." 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now