යුක්රේනයට එරෙහි යුද්ධය නැවැත්වීමට,රුසියානු ජනපති පුටින්ට ලොව ධනවත්ම පුද්ගලයාගෙන් ද්වන්ධ සටනකට ඇරයුම්..! (PHOTOS)

south Africa Ukrain Russian war Ilon mask twitter msg Viladmiyar Puttin
By Sewvandhi Mar 15, 2022 08:38 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

යුක්රේනයේ නිදහස වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ද්වන්ධ සටනකට තමන් සූදානම් යැයි ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි.

ඇමෙරිකන් බිලියනපතියා මෙසේ පවසා ඇත්තේ සටනට එන්නැයි රුසියන් ජනාධිපති පුටින්ට ප්‍රසිද්ධියේ අභියෝග කරමිණි.

ඉලොන් මස්ක් මෙම අභියෝගය කර ඇත්තේ සිය ට්විටර් ගිණුම ඔස්සේය. උපතින් දකුණු අප්‍රිකානුවකු වන 50 හැවිරිදි මස්ක් ඇමෙරිකන් පුරවැසියකු වන අතර ඔහු අද ලොව ධනවත්ම පුද්ගලයා ද වෙයි.

ඉලොන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 221 කි. ‘යුක්රේන යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට, යුක්රේනයේ නිදහස වෙනුවෙන් මා පුටින් සමඟ මුහුණට මුහුණ සටන් කරන්න සූදානම්.මා පුටින් පැරුදුවොත් පුටින්ට සිදුවේවි සිය හමුදා යුක්රේනයෙන් ඉවත් කර ගන්න’ යැයි ඉලොන් මස්ක්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

69 හැවිරිදි පුටින්, හිටපු කේ.ජී.බී. බුද්ධි අංශ නිලධාරියෙකි. ඊට අමතරව පුටින් ලොව ශක්තිමත් නායකයකු ලෙස ද සැලකෙයි. පුටින් ජූඩෝ කළු පටි ශූරයකු වන නමුත් රුසියන් යුක්රේන අර්බුදය හේතුවෙන්, ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනය පුටින්ගේ කළු පටිය ඉවත් කර තිබේ. (ඩේලිමේල්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery