දැවැන්ත ලෙස නීතිවිරෝධීව මත්පැන් පෙරන ස්ථාන දෙකක් වටලයි

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Jun 19, 2023 11:25 AM GMT
Report

 මොරගහහෙන කුඩා උඩුව ප්‍රදේශයේ රබර් වත්තක මහා පරිමාණයෙන් නීති විරෝධීව මත්පැන් පෙරමින් සිටි ප්‍රධාන ජාවාරම්කරු මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

එහිදී රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා නීති විරෝධී මත්පැන් ස්ප්‍රිතු බෝතල් 90ක් , බැරල් විස්සක බහා තිබූ ගෝඩා මිලිලිටර් විසිලක්ෂයක, දඟර gas cylinder ලිප් සහ උපකරණ රැසක් පොලිස් භාරයට ගැනුණා

මේ අතර රත්නපුර මලංකන්ද ප්‍රදේශයේ වනාන්තරයක් තුළ දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා සැකකරුවන් පස් දෙනෙකු කහවත්ත පොලීසිය විසින් අතඩංගුවට ඊයේ ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ දිනපතා කසිප්පු බෝතල් 250 බැගින් නිෂ්පාදනය කර රත්නපුර නගරය සහ ඒ අවට ප්‍රදේශවලට අලෙවි කරන බවයි.