විදෙස් රටක රැකියාවකට යන ඔබ මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

Facebook Sri Lanka Denmark Ministry of Foreign Affairs - sri lanka
By Piyumika May 29, 2024 07:01 AM GMT
Report

ඩෙන්මාර්ක් රාජ්‍යයේ රැකියා අවස්ථා රැසක් සඳහා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් මුහුණු පොතේ පළ කරමින් ජනතාව රවටමින් ගෙන යන ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වි තිබේ.

ඉතාලිය හා සම්බන්ධව මුහුණු පොතේ පළ කෙරෙන පිටුවක මෙම ජාවාරම පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර ඇති බව අනාවරණය වී ඇත.

මුලු රටටම එකසේ ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම්..

මුලු රටටම එකසේ ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම්..


රෝගීන් රැකබලා ගන්නන්, හෙදියන්, ඇසුරුම් සේවිකාවන්, කර්මාන්ත ශාලා සේවකයන්, ආරක්ෂක නිලධාරීන්, පෙදරේරුවන්, ⁣ඉදිකිරීම් සේවකයන් යන රැකියා සඳහා ඇබෑර්තු පවතින බවට මෙම ව්‍යාජ දැන්වීමෙහි පළ කර ඇති අතර රැකියා සඳහා විදෙස්ගතවීම නොමිලේ බවත් මාසික වැටුප රුපියල් ලක්ෂ තුනක් බවත් එහි සඳහන්ව තිබේ.

කෙසේ වෙතත් එරට වෙසෙන ශ්‍රී ලාංකීය වෛද්‍යවරයකු වන ඉඳුනිල් විජේරත්න පැවසුවේ ඩෙන්මාර්කය වැනි ලොව ඉහළින්ම සංවර්ධිත රටකට රැකියාවක් සඳහා යාම වෘත්තීය සුදුසුකම් ඉහළින්ම සැපිරූවන්ට පවා රැකියා අවස්ථාවන් එහි නොමැති බවය.

දින 03ක් බැංකුවකට සිදු වූ කිසිවෙක් නොසිතූ සිදුවීම මෙන්න..

දින 03ක් බැංකුවකට සිදු වූ කිසිවෙක් නොසිතූ සිදුවීම මෙන්න..

රැකියා පිළිබඳව වූ මෙම පළ කිරීම මේ වනවිට විශාල පිරිසක් බලා ඇති අතරම අදාළ රැකියාවන් පිළිබඳව හාරදහසකට වැඩි පිරිසක් තොරතුරු විමසා ඇති බව ද අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු සඳහන් කළේ මෙය සම්පූර්ණයෙන්ම වංචනික ජාවාරමක් වන බවත් ඩෙන්මාර්කය වැනි රටක මෙවැනි රැකියා අවස්ථා කිසිදු අවස්ථාවක මෙරටට ලැබී නැති බවත්ය.

අද සිට රට පුරා වැසි තත්ත්වයේ වෙනසක්..කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

අද සිට රට පුරා වැසි තත්ත්වයේ වෙනසක්..කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..


එබැවින් මෙවැනි වංචනිකයන්ට හසුවී තම මුදල් අහිමි කර නොගන්නා ලෙස ද ජනතාවට දැනුම්දී තිබේ.