ඉතාලි මුහුදෙන් සියල්ලන් පුදුම කරමින් හමුවූ ටොන් 05කට අධික භාණඩ
                                    
                    Italy
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ඉතාලිය ආසන්න මුහුදු ප්‍රදේශයේදී ටොන් 05කට අධික කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉතාලි බලධාරින් විසින් සිය බාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 946 පමණ වන බවයි.
එනම්, සිසිලි දූපත්හි දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ නැව් දෙකක් අතර හුවමාරු කරමින් තිබියදී අදාළ කොකේන් මත්ද්‍රව්‍ය තොගය බලධාරින් විසින් සිය භාරයට ගෙන ඇති අතර, එහිදී පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්ය.
පසුගිය අප්‍රේල් මාසයේ ද සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ පාවෙමින් තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ටොන් 02ක තොගයක් ඉතාලි ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබිණි.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    