ඔන්ලයින් ආදර කතාව සිරගෙදරින් නිමවෙයි..(PHOTOS)

Pakistan India
By Sithumi Feb 24, 2023 12:05 PM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

 පාකිස්තාන ජාතික තරුණියකට ව්‍යාජ හැඳුනුම්පතක් යොදාගෙන ඉන්දියාවට ඒමට උදව්කළ බවට චෝදනා කරමින් ඉන්දීය ජාතිකයෙක්ව එරට බලධාරීන් විසින් පසුගිය මාසයේදී අත්අඩංගුවට ගැනුණි. එලෙස පාකිස්තානයෙන් පැමිණ තිබුණේ ඔහුගේ ආදරවන්තිය බවට වාර්තා විය.

ඉන්දීය ජාතික මුලයාම් සිං යදාව් 21 හැවිරිදි ය. තරුණිය 19 හැවිරිදි ඉක්‍රා ජීවනී ය. ඔවුන් දෙදෙනා මීට වසර 3කට පමණ පෙර අන්තර්ජාලය හරහා එකිනෙකාව හඳුනාගෙන තිබුණි. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය ආරම්භ වී තිබුණේ කොවිඩ් හේතුවෙන් රටවල් වසා තිබුණු 2020 වසරේදීය.

මුලයාම් බැංගලෝරයේ ආයතනයක සේවය කරමින් සිටි අතර ඉක්‍රා සිසුවියකි. අන්තර්ජාලය ඔස්සේ ඔවුන් දෙදෙනා අහම්බෙන් අදහස් හමුවී ඇති අතර පසුව ඔවුන් නිතරම අදහස් හුවමාරු කරගෙන තිබුණි. පසුව එය ආදරයකට පෙරළී ඇති අතර එහිදී ඔවුන් සිය අනාගතය ගැනද අදහස් හුවමාරු කරගෙන තිබේ. තමන්ට එක්වීම අපහසු බව ඔවුන් දන සිටියේය.

ඉන්දියාව සහ පාකිස්තානය සදාකාලික සතුරන් වැනිය. පසුගිය සැප්තැම්බර් මාසයේදී දෙදෙනා තීරණයක් ගත්හ. ඒ නේපාලයට ගොස් විවාහ වීමටය. අනතුරුව ඔවුන් දෙදෙනාම ඉන්දියාවට පැමිණ බෙන්ගලුරු හි ජීවත් විය. නමුත් ඔවුන්ගේ සතුට වැඩිකල් පැවතුණේ නැත.

පසුගිය ජනවාරි මාසයේදී පොලීසිය පැමිණ ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් අතර තරුණිය පසුගිය සතියේ පාකිස්තානයට පිටුවහල් කළ අතර මුලයාම් සිං ව සිරගත කිරීමට නියම කෙරිණි. නමුත් මුලයාම් ගේ ඥාතීන් පවසන්නේ දෙරට අතර කුමන නොරිස්සුම්කම් තිබුණ ද මුලයාම් සහ ඉක්‍රා ආදරවන්තයින් බවය. ඔවුන්ගේ ආදරයට බාධා කිරීම හෝ අකුල් හෙළීම අපරාධයක් බව ඔවුන් පවසයි. ඉන්දීය සහ පාකිස්තාන රජයන් ඔවුන් දෙදෙනාට සාධාරණයක් ඉටුකළ යුතු බව ඔවුන් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGallery