ටොනේඩෝවලින් ඇමරිකාවේ මිය ගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළට..
United States of America
By krishani
ඇමරිකාවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශ හරහා හමාගිය ටොනේඩෝ සුළි කුණාටු හේතුවෙන් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඉන් ආර්කන්සාස්, ටෙනසි, මිසිසිපි ඇතුලු ප්‍රාන්ත කිහිපයකටම මෙම සුළි කුණාටුවලින් දැඩි බලපෑමක් එල්ලවී ඇත.
නිවාසවලට ගස් කඩා වැටීම්, විදුලිය විසන්ධිවීම් හේතුවෙන් එම ප්‍රාන්තවල ජනතාව දැඩි පීඩාවට පත්ව ඇත.
දරුණු කාලගුණ තත්ත්වය ටෙක්සාස් වෙත ළඟා වීමත් සමග Dallas Fort Worth ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ Dallas Love Field ගුවන්තොටුපළවල්වල ගුවන් ගමන් තාවකාලිකව නවතා තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |