හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Hungary Latest Headlines Sinhala news Puwath.lk Presidents
By R.rishma Jul 19, 2026 09:45 AM GMT
Report

හංගේරියාවේ ජනාධිපති ටාමාස් සුල්යොක් (Tamás Sulyok) අද (19) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙම ඉල්ලා අස්වීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන අතර, ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයකට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව සඳහන් වේ.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ හංගේරියාවේ දේශපාලන ක්ෂේත්‍රයේ නව වෙනස්කම් සිදුවනු ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.