මිනිස් ජාවාරමේ නවතම මධ්‍යස්ථානය හෙළිවෙයි - විදෙස්ගත වන සියල්ලන්ට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Italy Lebanon
By Sithumi Nov 25, 2022 11:55 AM GMT
Report

නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදා ගනිමින් ඉතාලිය වෙත රැගෙන යාමේ මිනිස් ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර් අංශය වෙත තොරතුරු ලැබී තිබෙනවා .

එලෙස අන්තරායකාරී ලෙස ඉතාලිය බලා යාත්‍රා කළ බෝට්ටු කිහිපයක්ම අනතුරට ලක්වී අවතැන් වූ පිරිස අතර, ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සිටින බැවින්, මෙම නීතිවිරෝධි ක්‍රියාවලිය හා අනතුරුදායක බව පිළිබඳව ලෙබනනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දීමක් සිදුකර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

මෙවැනි ජාවාරම්කරුවන්ට හසුවී තම වටිනා ජීවිතය අනතුරේ නොහෙලන ලෙස හා තම මුදල් නාස්ති කර නොගන්නා ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මෙවැනි ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබදව තොරතුරු දන්නේ නම්, පහත සඳහන් කර ඇති දුරකථන අංක මගින් දැනුම් දෙන ලෙස ද කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පැය 24 තොරතුරු මධ්‍යස්ථානය – 1989

ක්ෂණික ඇමතුම් අංකය, විමර්ශන අංශය – 0112864214


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now