ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් විශේෂ නිවේදනයක්.

Human Rights Commission Of Sri Lanka Human Rights Council Galle Face Protest Sri Lankan protests
By Sithumi Jul 22, 2022 05:29 PM GMT
Report

කොළඹ ජනාධිපති කාර්යාල අසල පැවති විරෝධතා කඳවුරක් කඩා දැමීමට ආරක්ෂක අංශ විසින් අනවශ්‍ය ලෙස බලය යෙදවීම පිළිබඳව අපි තැති ගැන්වීමට ලක්වූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසනවා.

ට්විටර් සටහනක් තබමින් එම සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ විරෝධතාකරුවන්ට, මාධ්‍යවේදීන්ට සහ නීතීඥයින්ට පහර දීමේ සිදුවීම් හෙළා දකින බවයි. මෙවැනි බලය යෙදවීම් නතර කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද එම ට්විටර් සටහනේ දැක්වෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශක ජෙරමි ලෝරන්ස් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සිකුරාදා අලුයම, බොහෝ විරෝධතාකරුවන් නිදා සිටියදී, 2,000ක පමණ බල ඇණියක්, එම ප්‍රදේශයට කඩා වැදී ඔවුන්ගේ කූඩාරම් කඩා දමා ඇති බවයි.

ආරක්ෂක අංශ විරෝධතාකරුවන්ට පහර දී ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා ඇතැයි එම නිවේදනයේ සඳහන්. විරෝධතාකරුවන්ට පැය කිහිපයක් විරෝධතා භූමියෙන් පිටව යාමට ඉඩ ලබාදී නොමැති අතර තුවාල ලැබූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ද නොහැකි වී ඇතැයි ඔවුන් සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන්ම එම සිදුවීම් පටිගත කිරීමට උත්සාහ කළ හෝ කැමරා හෝ දුරකථන රැගෙන ගිය මාධ්‍යවේදීන්ට සහ නීතිඥයින්ට ආරක්ෂක අංශ පහර දුන් බවත්, අවම වශයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් වාර්තා වූ බවයි මානව හිමිකම් හිමිකම් කවුන්සිල නිවේදනයේ දැක්වෙන්නේ. 

 සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව බලය යෙදවීම ජාත්‍යන්තර නීතියට පටහැනි වන අතර, එවැනි බලය යෙදවීම වහාම නතර කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එම කොමිසම ප්‍රකාශකර තිබෙනවා.

අදාළ ජාත්‍යන්තර නීතිය යටතේ, විරෝධතා විසුරුවා හැරිය හැක්කේ අතිශයින් අවශ්‍ය සහ අපේක්ෂා කරන නීත්‍යානුකූල පරමාර්ථයක් මත අවසාන විසඳුම ලෙස බලය භාවිතා කිරීමෙන් බවයි කොමිසමේ නිවේදනයේ දැක්වෙන්නේ. "ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුද බලහත්කාරයෙන් විසඳිය නොහැක. ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව ශ්‍රී ලාංකිකයන්ට විශ්වාසය යළි ගොඩනැංවීම ආරම්භ කළ හැක්කේ පුළුල් උපදේශන සහ සංවාදයකින් පමණි.

සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා සැබෑ ව්‍යුහාත්මක හා ආයතනික ප්‍රතිසංස්කරණ ගෙන ඒම සඳහා නව ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය දණ්ඩමුක්තිය ආමන්ත්‍රණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු." යනුවෙන් ද එහි දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery