මේකනම් තාක්ෂණ විප්ලවයක්.. ලොව ප්‍රථම දෙවරක් නැමිය හැකි ජංගම දුරකථය එළි දැක්වෙයි..(PHOTOS)

Huawei Mobile China Technology Apple Vision Pro Mobile Phones
By Sithumini Sep 11, 2024 03:44 PM GMT
Report

තාක්ෂණය කියන්නේ වේගයෙන් වෙනස් වෙන දෙයක්. තාක්ෂණයත් සමග ඉදිරියට යන ලෝකයේ දිනෙන් දින එළි දැක්වෙන දේවල් නම් ඇතැම් විට විශ්මයජනකයි.

ජංගම දුරකතන ලොවේ කලක් ගූගල් ප්ලේ ස්ටෝ තුළින් පවා ඉවත් වුණු Huawei හි නවතම එළිදැක්වීමක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ.

හුවාවෙයි සමාගම සිය නවතම ජංගම දුරකථනය ලෙස වන Huawei Mate XT Ultimate හදුන්වා දී තිබෙනවා..

ඒ පසුගියදා ඇපල් සමාගම ඇපල් 16 මාදිලිය හදුන්වා දුන් පසුබිමකදි. මෙම දුරකථනය විශේෂාංග රැසකින් සමන්විතයි.

එම සුවිශේෂිත්වයන් පහතින්,පහතින්,

ජංගම දුරකථන තිරය කොටස් තුනකින් සමන්විතයි

  • සම්පූර්ණ දිග අගල් 10.02ක්
  • වම්පස කොටස පසුපසට නැවීමෙන් තිරය අගල් 7.9ක් වනවා
  • දකුණු පස කොටස නැවීමෙන් තිරය අඟල් 6.4ක් වනවා
  • LTPO OLED තාක්ෂණයෙන් යුක්තයි
  • 5,600mAh බැටරියක් සහිතයි
  • ත්‍රිත්ව කැමරා පදධතියකින් සමන්විතයි.
  •  මෙගාපික්සල් 8 ක ඉදිරිපස කැමරාවකින්ද සමන්විතයි

මෙම ජංගම දුරකථනය වෙළදපොලට නිකුත් කරනු ලැබූවේ ඇපල් 16 නිකුත් කර පැය කිහිපයක් ගතවූ පසුබිමක වීම මේ පිළිබදව ලෝකයේම අවදානය යොමු වීමට සමත්වුණා. 

මෙහි මිල චීන යුවාන් 21,999(ඩොලර් 3,089) වැනි අධිකයි.

කෙසේවෙතත් මෙම තවමත් චීන වෙළදපොලින් පිටතට නිකුත් කිරීම සම්බන්ධයෙන් සදහන් වන්නේ නැහැ. 


--------------

නවතම ඇපල් 16 මාදිලියේ මෙච්චර දේවල් තියෙනවා කියකා දැනගෙන හිටියද.. මේක බැලුවොත් නම් අදම ගන්න හිතෙයි.. බලන්නකෝ තියෙන දේවල් 

මෙතැනින් බලන්න


GalleryGalleryGalleryGallery