Exporter කෙනෙක් වෙන්න ලියාපදිංචි වන හැටි.

Sri Lanka
By Wayomi Jun 01, 2022 11:35 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

Exporter කෙනෙක් වෙන්න කියලා හිතාගෙන ගොඩක් අය විවිධ ව්‍යාපාර ආරම්භ කරනවා. හැබැයි ආවට ගියාට නම් exporter කෙනෙක් වෙන්න බැහැ. ඒකට වෙනම නීතියක් තියෙනවා. online business කරන අය නම් මේ ගැන හොඳට දන්නවා. සාමාන්‍යයෙන් වාණිජ්‍යය වටිනාකමක් ඇති ඕනෑම භාණ්ඩයක් ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීමට බලාපොරොත්තුවන ඕනෑම කෙනෙක් දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ සහ රේගුවේ ලියා පදිංචි විය යුතුයි. මුලින්ම ඔබ ඔබේ ව්‍යාපාරය ලිපදිංචි කරගෙන ඉන්න.

exporter කෙනෙක් වෙන්න අනුගමනය කළ යුතු පියවරවල්

?️ බිස්නස් එකට හොඳ නමක් දාගන්න.

ඔබ export කරන්නේ srilankan international market එකට නම් ශ්‍රී ලාංකිකයන්ගේ හිතට වදින නමක් දාන්න.හැබැයි ඔබ ගනුදෙනු කරන්නේ international market එකත් එක්ක නම් කියවන්න පුළුවන් ඉංග්‍රීසි නමක් දාන්න.

?️ව්‍යාපාර ලියාපදිංචිකිරීමේ සහතිකය

තමන්ගේ ව්‍යාපාරය ලියාපදිංචි කරන කොට තනි පුද්ගලයෝ හවුල් හෝ පෞද්ගලික ව්‍යාපාරය ස්වභාවය කියන තැනට ආහාර අපනයනය එහෙමත් නැත්තන් food export කියල දාන්න ඕනේ. ඔතන අවුල් වුණොත් ඉස්සරහට යනකොට ටිකක් ගැටළුවක් වෙන්න පුළුවන්.

?️ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි අංකය)

අපනයන භෝගය අනුව අදාළ ආයතන වල ලිපදිංචි විය යුතු අතර එම ලිපදිංචිය අවුරුද්දෙන් අවුරුද්දට අලුත් කළ යුතු වෙනවා. (උදාහරණයක් විදිහට කියනවා නම් ශ්‍රී ලංකා තේ මණ්ඩලය / ජාතික මැණික් හා ස්වර්ණාභරණ මණ්ඩලය )

?️ Tin vat

දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හැඳින්වීමේ අංකය (Tax Identification Number - TIN ) හා එකතුකල වටිනාකම් බදු අංකය (VAT Number) ලබා ගත යුතුයි.

?️ රේගු ලියාපදිංචිය

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉහත ආයතන සමඟ ලියාපදිංචි වීම සඳහා අපනයනකරුගේ ව්‍යාපාර ලියාපදිංචිකිරීමේ සහතිකයේ මුල් පිටපත/ව්‍යාපාර සංස්ථාගත කිරීමේ සහතිකයේ මුල් පිටපත සහ අනෙකුත් අදාල ලියකියවිලි වල මුල් පිටපත් නියමිත ලෙස සම්පුර්ණ කළ අයදුම්පත්‍රයක් සමඟ ඉදිරිපත් කළ යුතුයි. මෙම අයදුම්පත්‍ර අදාල ආයතනවලින් ඔබට ලබාගත හැකියි .