ඔයත් අමතර ආදායමක් ගන්න ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවද..? එහෙනම් මේ දේවල් කරලා බලන්න.

Business Mobile Echo Online Lanka Business Online Businessman Online business
By Sithumini Jun 29, 2024 01:50 PM GMT
Report


මේ දවස් වල ආර්ථිකේ එක්ක හැමෝටම මුදල් කියන දේ අත්‍යවශ්‍ය දෙයක්නේ. ඒක කාටත් පොදුයි. මුදල් මේ දවස්වල කාටවත්ම නාස්ති කරන්න බෑ. ඒ නිසාම මේ මූල්‍යමය වටිනාකම දන්න කෙනෙක් අමතර දෙයක් කරලා මුදල් උපයන්න උත්සාහා කරනවා.

මේ කාලේ හැටියට නම් හැමෝටම කරන්න පුළුවන් දෙයක් තමයි ඔන්ලයින් බිස්නස් එකක්. නමුත් ඔන්ලයින් බිස්නස් කිගන එක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි ඒ නිසාම ඔයා හිතන්න ඕනි දෙයක් තමයි කොහොමද මේ ඔන්ලයින් බිස්නස් එකක් කරලා පවත්වාගෙන යන්නේ කියන එක. ඉතින් ඒකට ඔයා සෑලකිලිමත් වෙන්න ඕනි කරුණු ගණනාවක් තිබෙනවා.

අන්ක එක තමයි,

කරන්නෙ මොකක්ද කියන දේ තීරණය කිරීම. මෙහිදි හිතන්න ඕනි දේ තමයි ඔයා ඔන්ලයින් බිස්නස් එකක් කරනවනම් ඔයාට තියන හැකියා මොනාද කියලා. ඔයාටම මොනවා හරි දෙයක් හදන්න නිර්මාණාත්මකව හිතලා දෙයක් කරන්න පුළුවන්ද කියන එක හිතලා බලන්න ඕනි. උදාහරණයක් විදියට ඔයාට හදන්න චිත්‍ර අදින්න පුළුවන් නම් ඔයාට වෝල් ආර්ට් වගේ දෙයක් පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඔයා හිතන්න ඕනි දෙයක් තමයි ඔයා මොනවාහරි දෙයක් විකුණන්න බලාපොරොත්තුවෙනවනම් යම් දෙයක් ලාභයක් සහිතව ලබා ගන්න හොද තැනක් ඔයා හොයාගන්න ඕනි.


මෙහිදි තමන්ගෙම මහන්සියෙන් වෙනස් විදියට හිතලා දෙයක් කරන්න පුළුවන්නම් වඩා වැදගත් වෙනවා. මොකද ඉන් ඔයාට දෙයක් මිලදීගෙන විකුණනවා වගේ නෙමෙයි ඔයාගෙම දෙයක් නම් ඔයාට විශ්වාසය සහ කල්පැවැත්ම කියන දේ වැඩි වෙන්න පුළුවන්. ඔයාට මොනවද කරන්න පුලුවන් කියලා හොයාගන්න. ඒ වගේම ඒ දේ වෙනස් විදියකට කරන්නේ කොහොමද කියලා හිතන්න මොකද ඔයා හැමෝම කරන දෙයක් කරනවට වඩා හැමෝම කරන දේත් ඔයාට වෙනස් විදියකට කරන්න පුළුවන් නම් වටිනවා.

මීළග කාරණය,

ඔන්ලයින් නම් ඔයා මේක කරන්නේ ඔයා අනිවාර්‍යෙන්ම ඔයාට මෙ බිස්නස් එකට අවශ්‍ය සෝශල් මීඩියා ෆ්ලැට්ෆෝම් එකක් හදාගන්න වෙනවා.

එතකොට ඔයා මොනවද මේකට භාවිත කරන්නේ කියන එක ඔයාම තීරණය කරන්න ඕනි. ඒක ඔයාගේ භාණ්ඩය මත ඩිපෙන්ඩ් වෙනවා. ඔයා ෆේස්බුක් මේකට භාවිත කරනවනම් ෆේස්බුක් පේජ් එකක් ඔයාගේ බිස්නස් එකට හදාගන්න ඕනි.

ඔයාගේ බිස්නස් එකට අදාලව ලෝගෝ එකක් සහ නමක් හදාගන්න ඕනි. වැදගත් කාරණයක් ඕනම දෙයක් බ්‍රෑන්ඩ් වෙන්නේ ලෝගෝ එක සහ බිස්නස් එකේ නම සහ බ්‍රෑන්ඩ් එකෙන්. ඉතින් ඔයා කරන වැඩේට අදාලව හොද බ්‍රෑන්ඩ් එකක් සහ නමක් හදාගන්න ඕනි එමගින් ඔයාට ඔයාගේ බිස්නස් එක සාර්ථක කරගන්න ඕනි.

අනිත් කාරණය වෙන්නේ, ඔයා ඔයාගේ ප්‍රඩක්ට් එක පාරිභෝගිකයාට සමීප කරන්න බලාපොරොත්තු වෙන ක්‍රමවේදය මොකක්ද කියන එක. ඒකට ඔබට පුළුවන් කුරියර් සර්විස් එකක් මාර්ගයෙන් හෝ තැපෑලෙන් භාණ්ඩ යවන ක්‍රමවේදයක් හදාගන්න.

මේකෙදි ඔයා හිතන්න ඕනි දෙයක් තමයි ඔයාට ලාභදායි වෙන්නේ මොන ක්‍රමවේදයද කියලා. කෑශ් ඔන් ඩිලිවරිනම් ඔයා කරන්නේ ඒකෙදි ඔයාට පොඩි අවදානමක් තියනවා. ඒ තමයි පාරිභෝගිකයා භාණ්ඩය මිලදී ගත්තේ නැත්නම් ඔබට ඒ භාණ්ඩය යවන්න වැය වන ගාස්තුව වගේ දෙගුණයක් ගෙවන්න වෙනවා.ඒ නිසා ඔබ ඒ ගැනත් හිතන්න ඕනි.

අනිත් එක තමයි ඔයාගේ බිස්නස් එකට ඔයා පබ්ලිසිටි දෙන්නේ කොබොමද කියන එක. ඒකටත් ඔයා ක්‍රමවේදයක් හදාගන්න ඕනි. ඔයාට ඒකට විවිද වූ අලෙවිකරණ ක්‍රමවේදය යොදාගන්න පුළුවන්.

උදාහරණයක් විදියට ටික් ටොක් වීඩියෝ හරහා ඔයාට ඔයාගේ ප්‍රඩක්ට් එක සම්බන්දයෙන් නිර්මාණාත්මකව විවිද වීඩියෝ සකස් කරන්න පුළුවන්. ඒ වගේම ව්ලොගර්ස්ලා සහ ප්‍රසිද්ද පුදගලයන් භාවිත කරලත් ඔයාට ඔයාහෙ බිස්නස් එකට පබ්ලිසිටි එකක් ගන්න පුළුවන්. පාරිභෝගිකයා සමග ගණුදෙණු කරන ආකාරය.

මීළගට ඔබ අවදානය යොමු කරන්න ඕනි කාරණය තමයි ඔන්ලයින් බිස්නස් එකක් කරද්දි ඔබේ භාණ්ඩය මිළදී ගත්තත් නැතත් ඔබට විශාල මැසේජ් ගොඩක් එන්න පුළුවන් නමුත් ඔබ ඒ සියලු දෙනා සමග ඉතාම සහයෝගයෙන් කටයුතු කළ යුතු වනවා.

පාරිභෝගිකයා තමයි ඔයාගේ වටිනාම දේ ඒ අනුව පාරිභෝගිකයාට හොදින් සැලකීම ඔයාගෙ බිස්නස් එක සාර්ථක කරගන්න බලපානවා ඒ නිසා පාරිභෝගිකයා සමග ගනුදෙනු කරන්නත් ඔයා ඔයාට ආවෙණික හොද ක්‍රමවේදයක් හදාගන්න ඕනි.

ඔයා බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවනම් ඉහත සියලු දේ ගැන හොදින් හිතලා බිස්නස් එකක් පටන් ගන්න.

Gallery