කැපී පෙනෙන ලෙස ඔයාගේ පෞර්ෂත්වය වැඩි කරගන්නේ කොහොමද?

Government Employee employee provident fund
By Sithumini Nov 20, 2024 04:38 AM GMT
Report


  • ඍජුව සිට ගන්න. ඍජුව ඇවිදින්න.

ඇවිදීම සහ සිට ගැනීමේ ඉරියව් කියන්නේ ඔබේ පෞර්ෂත්වය මනින ප්‍රධානම සාදකයක්. ඒ අනුව ඔබේ ඇවිදීම සහ සුට ගැනීම පිළිබදව ඔබට අවදානය යොමු කිරීමට සිදු වෙනවා.

ඇවිදීමේදි දුරකතය භාවිත කීර්ම කිසි දිනෙක සිදු කරන්න එපා. මොකද එමගින් ඔයා හීන පෞර්ෂයක් තියෙන කෙනෙක් විදියට සැලකෙනවා. එමෙන්ම සෑම විටම වට පිට බලමින් කය ඍජුව පවත්වා ගනිමින් ඇවිදින්න.

  • තැනට සුදුසු ලෙස ඇදුම් අදින්න

ඇදුම් අදිද්දි ඔයා හිතන්න ඕනි දෙයක් තමයි ඔයාට ඒ ඇදුම කොච්චර සුදුසුද කියලා හිතනවට වඩා ඒක ඔයා යන තැනට කොච්චර සුදුසුද කියලා එහෙම නැත්නම් ඔයා කොච්චර ලස්සන ඇදුමක් ඇදගෙන හිටියත් ඒක ඔයා යන තැනට නොගැලපෙනවනම් ඒක ඔයාගේ පෞර්ෂත්වය හීන වෙන්න බලපාන කාරණයක් වෙනවා.

  • කතා කරන විලාසය හදාගන්න.

ඔබ ඕනෑම තලයක කෙනෙක් වෙන්න පුලුවන් නමුත් ඔබ පරිසරයට අනුකූලව හැඩගැහෙන්න ඕනි. කතා විලාසය වුණත් ඒ අනුව පවත්වා ගැනීම ඉතාම වැදගත්. කතා කරද්දි හඩ සාමාන්‍ය මට්ටමක පවත්වා ගැනීම වැදගත්. ශබ්දය ඉහල යෑම ඔබේ පෞර්ෂය හීන කරන්න බලපානවා.

අනෙක් කාරණය වන්නේ වචන භාවිතයයි. කතා කිරීමේදි සෑම විටම සුදුසු වචන භාවිත කරන්න. අසභ්‍ය සහ සමාජයෙන් බැහැර නුසුදුසු වචන භාවිතයෙන් වැළකීම ඉතාම වැදගත් වෙනවා.

  • ගරු කරන්න අනෙක් අයට.

ඔබ ඕනෑම තලයක සිටින කෙනෙක් වෙන්න පුලුවන්. නමුත් ඔබ සෑම විටම අන්‍යන්ට ගරු කළ යුතුයි. මොකද ඔබේ ගරුත්වය ආරක්ෂා වන්නේ ඔබ අන් අයට ගරු කරන ආකාරය අනුවයි.

මෙහිදී වැදගත්ම කාරණය වන්නේ ඔබ සෑම විටම අන් අය සමග සුහදව කටයුතු කිරීමයි. එමගින් ඔබේ පෞර්ෂය අන් අය ඉදිරියේ උසස් කරවීමට සමත්වෙනවා.