ඔයත් විදෙස් ගතවීමට සිතුවත් තාමත් පාස්පෝට් එකක් නැද්ද? පාස්පෝට් එකක් හදාගන්නේ කොහොමද?

Passport Ministry of Foreign Affairs - sri lanka
By Sithumini Jun 30, 2024 06:35 AM GMT
Report

මේ වන වොට අපේ රටේ බහුතයක් තරුණ ප්‍රජාව විදෙස්ගතවීමට උත්සාහා කරනවා. මේක මේ වන දිට නව ප්‍රවණතාවක් වෙලා තියනවා. ඕනෑම රටකට යෑම සදහා අවශ්‍ය මූලික සාදක දෙක තමයි විදෙස් ගමන් බලපත්‍රය සහ වීසා කියලා කියන්නේ.

මේ අතරිනුත් ඔබ ලග තිබිය යුතුම දෙයක් තමයි පාස් පෝර්ට් එක හෙවත් විදෙස් ගමන් බලපත්‍රය කියලා කියන්නේ. විදෙස් ගමන් බලපත්‍ර ලබා ගන්නා ක්‍රම වෙව්ද දෙකක් තියනවා. එකක් තමයි එක්දින සේවාව. මේ ක්‍රමවේදය යටතේ විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට නම් ඔබට සේවා ගාස්තුව වැඩියි.

සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍ර ගාස්තුව කවරේද ?

සාමාන්‍ය පදනමින් -  ශ්‍රි ලංකා රුපියල්  10,000.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල්  20,000.00

මේ ආකාරයෙන් තමයි ඔබට මුදල් වැය වෙන්නේ. මේ නිසාම කල්තියා විදෙස් ගමන් බලපත්‍රයක් හදාගෙන ඉන්න එක වටිනවනේ. එහෙනම් කරන්න ඕනි දේ මෙහෙමයි.

සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ? 

1. වත්මන් ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (විස්තර සඳහා මෙහි පහත බලන්න*)

2. ඡයාරූප ශාලා ලදු පත

3. ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.

4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්. 

5. අවශ්‍ය වන්නේ නම්, විවාහ සහතිකය සහ ඡායා පිටපතක්. (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා)

6. වෘත්තියට අදාල අධ්‍යාපන සහතිකය හා සේවය සනාථ කිරීමේ පිළිගතහැකි ලියවිල්ලක් සහ ඒවායේ ඡායා පිටපත්. (අධ්‍යාපන හා වෘත්තීය)

භික්ෂුන් වහන්සේලා සඳහා:

භික්ෂු සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය ඡායාස්ථිති පිටපත් සමඟ ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. 

ඉල්ලුම් පත්‍රයක් ලබාගතහැක්කේ කෙසේද ?

1. කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.

2. මහනුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වලින්

3. ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.

4. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයකින්

5. අයදුම්පත්‍රයේ මුද්‍රණීය පිටපතක් ඔබට අවශ්‍යනම් මහත ලින්ක් එකෙන් ලබා ගන්න 

අයදුම් පත්‍රය

ඉල්ලුම් පත්‍රයක් භාරදිය යුත්තේ කුමන ස්ථානයකටද?

1. කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.

2. මහනුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලට

3. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය සකසා භාරදීමට කොපමණ කල් ගතවේද ?

සාමාන්‍ය පදනම - වැඩකරන දින 30 ක්
හදිසි පදනම - එදිනම මේ ආකරයෙන් ඔබට සාමන්‍ය විදෙස් ගමන් බල පත්‍රයක් ලබා ගත හැකි වනවා.

ඔබ විදෙස් ගතවීමට හිතාගෙන ඉන්න කෙනෙක් නම් සාමන්‍ය සියලු රටවලට වලංගු විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගෙන සිටීම ඉතාම වැදගත්.