ඔයත් අන් අය අතර කැපී පෙනෙන කෙනෙක් වෙන්න නම් මේ දේවල් අනිවාර්යයෙන්ම ප්‍රගුණ කරන්න.

By Sithumini Dec 23, 2024 10:40 AM GMT
Report


 ඔබගේ වචන අවශ්‍යනම් පමණක් කතා කරන්න. 

පිරිසක් අතරදි ඔබේ වචන අවශ්‍ය යැයි හැගෙන්නේ නම් පමණක් කතා කරන්න. එසේ නොවුනහොත් ඔබ විහිලුවට ලක්වීම හෝ ඔබේ ප්‍රතිරූපය කෙරෙහි අන් අය ඇති කරගන්න ප්‍රතිරූපයට ඉන් හානි සිදුවේ. 

හැකි තරම් නිහඩව සහ ගුණාත්මක දේ පමණක් කතා කරන්න. හිස් වචන හිස් ප්‍රකාශ කිරීමෙන් වළකින්න.

කෙලින් සිට ගැනීම සහ ඇවිදීම

සෑම විටම ඍජු බව පවත්වාගන්න. ඔබේ හැසිරීම ප්‍රතිරූපය කෙරෙහි විශාල බලපෑමක් ඉන් ඇති කරයි. ඔබ ඍජුව සිට ගන්නෙ නැතිනම් ඍජුව ඇවිදින්නේ නැති නම් එය ඔබේ පෞර්ශත්වයට දැඩි ලෙස හානි කරයි. 

 ආචාරශීලි වන්න. 

 සෑම විටම ආචාරශීලි ගති ලක්ෂණ හදුනාගන්න. ගරු කරන්න අන් අයට ඒ වගේම ඔබේ පෞර්ශත්වය ආරක්ෂා වන අයුරින් එය හීන නොවන අවුරින් කටයුතු කරන්න.

අන් අය සමග සුහදව ගණුදෙනු කිරීමේදි මෙන්ම ඒ ඒ ස්ථානවලට අනුව කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබදව හොද අවබෝදයකින් කටයුතු කිරීම වැදගත් වේ.

හොද ඇදුම් පැලදුම් සහ ආබරන පළදින්න.

ඇදුම් පැළදුම් කියලා කියන්නේ ඔබ අන් අය අතර කැපී පෙනෙන ඉතා හොද මෙවලමක්. ඔබ අදින පළදින විදිය අනුව ඔබ කැපී පෙනෙන කෙනෙකු බවට පත්වේ. 

සෑම විටම ඉතාම හොද උසස් තත්වයෙන් යුතු ඇදුම් පැලදුම් අදින්න.එය ඔබේ තත්වය පවත්වා ගැනීමට ඉතාම වැදගත් වෙනවා.