රාජාලි ගැහැනු සතා තම පැටවුන්ට පියෙක් තෝරාගන්න හැටි දන්නවද?
රාජාලියා කියන්නේ අවුරුදු 80ක් ආයුෂ තිබෙන කුරුල්ලෙක්. ඉතින් අද කතා කරන්නේ රාජාලියා ගැන වුණත් ටිකක් වෙනස් මාතෘකාවක්. ඒ, රාජාලි ගැහැනු සතෙකු තම පැටවුන්ට පියෙකු තෝරා ගන්නේ කොහොමද කියලා. ඒක හරි අපූරු වැඩක්.
🦅 ඇය ගසක් හෝ පඳුරකින් අත්තක් කඩා, හොටෙන් ගෙන, ඉතා ඉහල අහසට නැගී, එහි රවුම් ගැසීමට පටන් ගන්නවා. එවිට එය දකින රාජාලීන් ගැහැණු සතා වටා පියාසර කරනවා.
🦅 ඇය මෙම අත්ත බිම හෙළා, අහසේ රැඳී බලා සිටිනවා. එවිට සමහර රාජාලීන් වේගයෙන් පහතට පියඹා, මෙම අත්ත අහසේ සිට බිම වැටෙන්නට නොදී අල්ලාගෙන, එය හොටෙන් රැගෙන ඉහල නැගී ඉතා ප්‍රවේසමින් ගැහැණු සතා වෙත ගෙන එනවා.
🦅 ගැහැනු රාජාලියා මෙම අත්ත හොටින් ගෙන එය නැවත බිම හෙළයි,
🦅 පිරිමියා එය නැවත අල්ලා ඇය වෙත ගෙන එයි, ඇය එය නැවත විසි කරයි. මෙසේ මෙය බොහෝ වාරයක් යලි යලිත් සිදු කෙරෙනවා. මෙසේ අත්ත විසිකරන තාක්, රාජාලියකු ඒ සෑම අවස්ථාවකදීම එය අල්ලාගෙන තමා වෙත රැගෙන එයි නම්, ගැහැනු සතා එම රාජාලියා සිය ස්වාමියා ලෙස තෝරාගන්නවා.
🦅 ඉන් පසු ඔවුන් පර්වත මුදුනක් මතට එකතු වී, ශක්තිමත් ලී දඬු වලින් කූඩුවක් සාදන අතර, ඔවුන් දෙදෙනා හොටෙන් ශරීරයේ ලොම් සහ පිහාටු ඉරා දැමීමට පටන් ගන්නවා. මෙම ලොම් හා පිහාටු යොදාගෙන ඔවුන් කූඩුවේ ඇති සියලුම සිදුරු පුරවා, මෘදු හා උණුසුම ලැබෙන සේ සකසනවා.
🦅 එසේ මනාව සකසන ලද කූඩුවේ බිත්තර දමන මව, බිත්තර රැකීමෙන් පසු රාජාලි පැටවුන් මෙලොවට පැමිනෙන්නේ ඉතා දුර්වල, පිහාටු නොමැති නිරුවත් ලෙසකිනි. දෙමව්පියන් ඔවුන් වැඩී ශක්තිමත් වන තුරු වර්ෂාවෙන්, දැඩි අව් රශ්මියෙන් වලකා, ඔවුන්ව පියාපත් වලින් වසාගෙන ආරක්ෂා කරනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |